fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් නගර සැලසුම් සකස් කළ යුතුයි – අගමැති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 06:34

මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් නගර සැලසුම් සකස් කළ යුතුයි – අගමැති

නාගරික සංවර්ධන සැලසුම් සකස්කරන අදාල නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුතාවයට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2023.10.12) රැස්වූ අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරිය මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් නගර සැලසුම් සකස් කිරීම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

පාසැල්, රෝහල්, විහාරස්ථාන, මහජනතාව නිවාස ඉදි කරන ප්‍රදේශ සඳහා නිසි සැලසුම් ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීමයි.

ඉඩම් මිලදී ගැනීම හෝ විවිධ ව්‍යාපෘති වලට ඉඩම් වෙන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති රාජකාරියක් නොවන බැවින් නිසි පරිදි රාජකාරිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබුවා.

බොරලැස්ගමුව වැවේ ආක්‍රමණික ලෙස ව්‍යාප්ත වන ජපන් ජබර ශාක නිසා මතුව ඇති තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ නගර සභාව නැනෝ තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන දිවයින පුරා ජපන් ජබර ශාකය සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා ව්‍යාපෘති දියත් කළ හැකි බවයි.

ආක්‍රමණික ශාකයක් වන ජපන් ජබර ශාකය මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ සහායෙන් නැනෝ තාක්ෂණය යොදා ගෙන බොරලැස්ගමුව වැවේ නව ව්‍යාපෘතියක් දියත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, රජයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 06:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්