fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජබ හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ප්‍රදීප් එන්.වීරසිංහට

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:59

සජබ හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ප්‍රදීප් එන්.වීරසිංහට

සමගි ජන බලවේගයේ හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ප්‍රමුඛ පෙළේ සිවිල් ක්‍රියාකාරිකයෙකුවන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ පත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද ඊට අදාළ පත්වීම් ලිපිය භාර දුන් අතර ⁣එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ සහ නලින් බණ්ඩාර සහභාගී වී තිබෙනවා.

ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මීට පෙර ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ජාතික සන්නිවේදන විශේෂඥ සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලි හා රූපවාහිනී ආයතනයේ සන්නිවේදන විශේෂඥවරයා ලෙසද කටයුතු කළ අයෙක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්