fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මනූෂගේ සහ හරීන්ගේ පෙත්සම් විභාගය ඇරඹෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:39

මනූෂගේ සහ හරීන්ගේ පෙත්සම් විභාගය ඇරඹෙයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද ආරම්භ වුණා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි.

මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කරුණු දැක්වුවා.

ඔහු පැවසුවේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි.

පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරිමේ බලයක් නොමැති බව ඔහු පැවසුවා.

විනය කමිටුවට පැවරී ඇත්තේ යම් සාමාජිකයෙකු පක්ෂ ව්‍යස්ථාව කඩ කළ විට චෝදනා ගොනු කිරීම හා විමර්ෂණය කිරීම පමණක් බව ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිය දී පක්ෂ මහලේකම්ගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී නැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මේ අනුව තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට ගත් තීරණය පක්ෂ ව්‍යස්ථාවට මුළුමනින්ම පටහැනි බවයි ඔහු අවධාරණය කළේ.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොන්ගසයෙන් ඉවත් කිරිමේ තීරණය අනුමත කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙම නඩුකරයට කිසිසේත් අදාළ නොවන බව ද ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

වැඩිදුර විභාගය ලබන 24 වනදාට කල්තැබුවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්