ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මාතර සිසුන්ට දැනුම්දීමක්
Related Articles
මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙතයි.
එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි එම දැනුම් දීම කර තිබෙන්නේ.
මාතර ආපදා කළමනාකරණ ඒකකය ඒ වෙනුවෙන් දුරකථන අංක ලබා දී තිබෙනවා.
ඒ අනුව දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ ඔවුන් දැනුවත් කරන ලෙසයි එම ඒකකය දෙමාපියන්ගෙන් ඉල්ලීම් කරන්නේ.