fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවන් තොණ්ඩමන් ස්විට්සර්ලන්තයට

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 12:55

ජීවන් තොණ්ඩමන් ස්විට්සර්ලන්තයට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අද (11) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝකයේ රටවල් රැසක සාමාජිකයින් නියෝජනය කරන ජාත්‍යන්තර වෘත්තීය සමිති සමුළුවට සහභාගීවීමටයි.

මෙම සමුළුව වසර පහකට වරක් පැවැත්වේ.

කම්කරු සංගමයේ උප සභාපති, ජාත්‍යන්තර කටයුතු භාරකරු, වැවිලි මානව සංවර්ධන භාරයේ සභාපති භරත් අරුල්සාමි, අමාත්‍යවරයාගේ උපදේශක ලෙස කටයුතු කරන අරිත වික්‍රමසිංහ යන මහත්වරු ද අමාත්‍යවරයා සමග මෙම සමුළුවට සහභාගී වනවා

ඉහත සමුළුවෙන් අනතුරුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සමග මෙන්ම එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමට සහභාගී වන නියෝජිතයන් රැසක් සමගද අමාත්‍යවරයා වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලාංකික වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම සනිටුහන් කිරීමේ ජාතික වැඩසටහන වන “නාම් 200” සම්බන්ධවද මෙහිදී අදාල නියෝජිතයින් දැනුම්වත් කෙරෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 12, 2023 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්