fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිපෝෂ සහ සුපෝෂ නිෂ්පාදන ගැන ප්‍රචාරය වෙන තොරතුරු අසත්‍යයි – ලංකා සුපෝෂ ලිමිටඩ් ආයතනය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 11:43

ත්‍රිපෝෂ සහ සුපෝෂ නිෂ්පාදන ගැන ප්‍රචාරය වෙන තොරතුරු අසත්‍යයි – ලංකා සුපෝෂ ලිමිටඩ් ආයතනය

ත්‍රිපෝෂ සහ සුපෝෂ නිෂ්පාදන සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව ලංකා සුපෝෂ ලිමිටඩ් ආයතනය පවසනවා.

වයස අවුරුදු 3 ට වැඩි ළමයින් සහ වැඩිහිටියන් සඳහා යන්න ත්‍රිපෝෂ නිෂ්පාදනවල පැකට්ටුවේ සඳහන් නොවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊට එරෙහිව නඩු පවරා තිබුණා.

එහිදී වරද පිළිගෙන දඩ මුදල ගෙවීමටද ත්‍රිපෝෂ සමාගම කටයුතු කළා.

මෙම කරුණ මුල් කරගනිමින් ත්‍රිපෝෂ සහ සුපෝෂවල ගුණාත්මකභාවය පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය වීම කණගාටුවට කරුණක් බවයි ත්‍රිපෝෂ සමාගම පවසන්නේ.

රාජ්‍ය ආයතනයක් ලෙස තම සමාගම වගකීමෙන් ක්‍රියා කරන ආයතනයක් බවද එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්