fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය අද සහ හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 10:07

ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය අද සහ හෙට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ Geopolitical Cartographer (GC) සමඟ එක්ව සංවිධානය කරන 11 වැනි ‘ගාලු කථිකාව’ ජාත්‍යන්තර සමුද්‍ර සමුළුව අද (ඔක්. 12) ගාල්ල Jetwing Lighthouse හෝටලයේදී ආරම්භ වෙනවා.

මෙම දෙදින (ඔක්. 12-13) සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ද උත්සවයේ සම්භාවනීය අමුත්තන් අතරට එක්වීමට නියමිතයි.

මෙවර ගාලු කථිකාව “Emerging New Order in the Indian Ocean” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, මෙම සමුළුව සඳහා රටවල් 44 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11ක නියෝජිතයින් හට නාවික හමුදාව ආරාධනා කර තිබෙනවා.

ගාලු කථිකාව සමුද්‍රීය කර්මාන්ත පාර්ශවකරුවන් හට ඔවුන්ගේ දැනුම බෙදාගැනීමට සහ විශේෂඥ හැකියාවන් සහ උපාය මාර්ගික ප්‍රවේශයන් ඒකාබද්ධ කරමින් සහයෝගීව සමුද්‍රීය අභියෝගවලට මුහුණ දීමට සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කර දෙනු ලබයි.

ගාලු කථිකාවේ නිල වෙබ් අඩවිය වන www.galledialogue.lk වෙතින් සමුළුවේ කටයුතු සජීවීව විකාශය කරනු ලබනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්