fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම පිළිබඳ සාකච්ජාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 10:00

අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම පිළිබඳ සාකච්ජාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

ආපදා තත්වයකදී ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම, මිනිස් ජීවිත රැක ගැනීම සහ දේපල හානි වළක්වා ගැනීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ජා කරනු ලැබුවා.

විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී එම ප්‍රදේශවලට ඔරොත්තු දෙන ආකාරයේ ශක්තිමත්, ප්‍රමිතියකින් යුතු පැල යොදා ගැනීමට අදාල ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍යතුමා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

කෙටිකාලීන විසඳුමක් ලෙස විශේෂයෙන්ම කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා ඊට සිවිල් ආරක්‍ෂක බලකායේ සහයෝගයද ලබාදිය හැකි බව පැවසුවා.

තවද තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදානම් සහිත ගස් හඳුනා ගැනීමටත් ඒවා මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාල දීර්ඝකාලීන විසඳුමක් සකස් කිරීමටත් සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදා ගන්නා තාක්‍ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන ලෙසත්, ඊට අදාල තාක්‍ෂණික සහය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතනවලින් ලබාගැනීමටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්