fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අතර මාර්ගය දෙපස පදිංචිකරුවන්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 09:20

අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අතර මාර්ගය දෙපස පදිංචිකරුවන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අතර මාර්ගය දෙපස පදිංචිකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

නාය යාමක් හේතුවෙන් අවහිර වූ මාර්ග කොටස යථා තත්ත්වයට පත් කිරමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

ඊයේ රාත්‍රියේ පින්නදූව හා ඉමදුව අතර 102 වන කිලෝමීටරය ආසන්නයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබුණා.

එහි මෙහෙයුම් කටයුතු සඳහා ගිය විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගොස් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඉන්  විශේෂ කාර්ය බලකා සාමාජිකයන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 4 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්