fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 05:32

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද පස්වරුවේ

ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද සවස 3ට සිදු කිරීමට නියමිතයි

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය කඩවත රාගම පාරේ අංක 90/A,58 නිවෙසට ඊයේ  රැගෙන ආ අතර අද දිනයේ අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබෙනවා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පෙරේදා සහ ඊයේ දිනවල පැමිණි අතර කලාකරුවන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු රසික රසිකාවියෝ ඒ අතර වනවා.

මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා අනුරාධපුර තලාව පාරේ මොරගොඩදී අනතුරකට ලක්ව අවුරුද්දකුත් මාස දෙකක කාලයක් (මාස 14ක්) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ මිය ගියේ.

අනුරාධපුර තලාවේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු සහ තවත් දෙදෙනකු ගමන් ගත් කැබ් රථය වන අලියකුගේ ගැටී 2022 වසරේ ජුලි 22 වැනිදා අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනි මහතා ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබූ අතර ඉන් අනතුරුව මාස 14ක කාලයක් එහි දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලැබීය.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2023 05:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්