ලංකා සතොස ආයතනයේ මූල්‍ය වංචා චෝදනාවලින් හිටපු සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා නිදහස් කෙරුණා.
ඒ මහතාට සහ හිටපු කළමනාකරු ඉන්දික හේමාල් රත්නමලල යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
වෙනුර ගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා කළ දැනුම් දීමකට අනුවයි ඔහු මෙලෙස නිදහස් කෙරුණේ.
නඩුව නොවැම්බර් පළමුවනදා යළි කැදවීමට නියෝග කෙරුණා.