හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවක් පෙබරවාරි 28 වනදා යළි කැදවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.
කොටුව ක්රිෂ්ට්රාන්ස්වර්ල්ඩ් චතුරශ්‍රයේ අක්කර 4 යි දශම 3 ක් බදු දීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා තිබෙනවා. රුපියල් මිලියන 70 ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණවිරෝධී හඩ සංවිධානය කළ පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව පවරා ඇත්තේ.