fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 16:07

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක්

රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ ගංවතුරින් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවටයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත එම ජල බෝතල් භාර දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වනවිට ගංවතුර තත්ත්වයත් සමඟ එම දිස්ත්‍රික්කවල ළිං සහ පානිය ජල මුලාශ්‍ර බොහෝමයක් අපවිත්‍ර වී ඇත.

කෙසේ වෙතත්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රතු කුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්