ඉදිරි වසර 05 තුළ මෙරට නව ව්‍යාපෘතීන් සඳහා ලැබුණු සහාය
Related Articles
ඉදිරි වසර 05 තුළ මෙරට නව ව්‍යාපෘතීන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමිවනවා.
ආසියානු සංවර්ධන බැංකුව් අධිපති මණ්ඩල සාමාජිකයන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකදීයී මේ බව අවධාරණය කෙරුණා.
පසුගිය වසරේ පැවති අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනමින්ම ස්ථාවරභාවයට පත්වෙමින් පැවතීම පිළිබදව මෙම පිරිස සතුට පල කළා.
ඩිජිටල්කරණය හා තොරතුරු තාක්ෂණය/පොදු ප්‍රවාහනය / මානව සම්පත් සංවර්ධනය සහ අධ්‍යාපනය/ ජාල සහ ක්‍රීඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ යෝජිත නව ව්‍යාපෘතිවලට තම බැංකුව හිතකර ප්‍රතිචාර දක්වන බවයි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කියා සිටියේ.
සමාජයේ අවධානමට ලක්විය හැකි කණ්ඩායම් සදහා සමාජ ආරක්ෂණ සහා ලබාදීමට රජය ගන්නා උත්සාහය ද ඔවුන්ගේ පැසසුමට ලක් වුණා.
සංවර්ධන කටයුතු සදහා පසුගිය දශක කිහිපය තුළ ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පල කළා.අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.