කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ඉතා පහළ අගයකට
Related Articles
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ජනප්‍රියත්වය ඉතා පහළ අගයකට පැමිණ ඇති බව එන්ඩීටීවී පුවත් සේවය පවසනවා.
ඉන්දීය රජය හර්දීප් සිං ගේ ඝාතනය පිටුපස සිටින බවට ප්‍රකාශ කිරීමෙන් පසු මෙලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය පහළ වැටී ඇති බවයි එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරන්නේ.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වය මෙතරම් පහළ අගයකට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද සැලකෙනවා.
අවුරුදු 18ට වැඩි කැනඩා ජාතිකයින් 800 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.
සික් ජාතික නායකයෙකු වන හර්දීප් සිං වෙඩිතබා ඝාතනය කෙරුණු අතර ඒය ඉන්දියාවේ වුවමනාවකට සිදුකෙරුණු බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ.