fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 15:22

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවත්වී තිබෙනවා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටයි..

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුවා .

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.

සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු කෙරුණා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්