fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් මියන්මාරයේ 14000ක් අවතැන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 14:41

අයහපත් කාලගුණයෙන් මියන්මාරයේ 14000ක් අවතැන්

මියන්මාරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14000 ක් පමණ අවතැන් බව වාර්තා වනවා.

මියන්මාරයේ බගෝ නගරයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගංවතුරට හසුවූ 5,600ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව බලධාරීන් සඳහන් කරනවා.

බගෝ නගරයේ රෝහල පවා ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

මියන්මාරයට  වසරේ මෙම කාලයේ දී සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැලුණ ද කාලගුණ විපර්යාස හේතුවෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් පැය 24ක් තුළ ලැබී ඇති බවද සඳහන්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්