fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

10 හැවිරිදි නෙත්සරණිට අත්වුණු ඛේදනීය ඉරණම

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 13:04

10 හැවිරිදි නෙත්සරණිට අත්වුණු ඛේදනීය ඉරණම

අනුරාධපුර, තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී ඊයේ (10) රාත්‍රී 7.00 ට පමණ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (10) රාත්‍රියේ යතුරු පැදියේ ගමන් කළ දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වුණා

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ තලාව ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන ඩබ්ලිව්.නිසල්‍යා නෙත්සරණී විමලසේනයි

අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදියේ ජීවිතක්ෂයට පත් දැරිය හා ඇගේ මව පැමිණ තිබුණා.

යතුරු පැදිය බවුසර් රථයේ ගැටීමත් සමඟින් දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතල හානී සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් දියණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, මවට කිසිදු අනතුරක් සිදු වී නොමැති බැවින් ඇය රෝහලෙන් මුදා හැර නිවසට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්