පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
2022 අප්‍රේල් මාසයේ දී නසීර් අහමඩ් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත්ව එවකට පැවති රජයේ අමාත්‍ය ධූරයක් භාර ගත්තා.
තම පක්ෂ ස්ථාවරයට එරෙහිව කටයුතු කළ නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට තීරණය කළා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවති අතර එහි තීන්දුව පසුගිය හයවනදා ප්‍රකාශයට පත් කළා.
නඩු තීන්දුවේ දැක්වුණේ නසීර් අහමඩ් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය වලංගු සහ නීත්‍යානුකූල බවයි.
ඒ අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇත්තේ.
අප කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේ අදාළ දැනුම් දීම කොමිසම වෙත ලැබී ඇති බවයි.
ඒ අනුව අදාළ පුරප්පාඩුව සඳහා නියෝජිතයා නම් කර එවන ලෙස මැතිවරණ කොමිසන් සභාව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර නසීර් අහමඩ් මහතාට පසුව මඩකලපු දිස්ත්‍රික්කයෙන් ඊ ළගට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සහීර් මව්ලානා මහතායි.
ඒ අනුව නව පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසන් සභාව පවසනවා.