fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී දැරියකට වෙඩි තබා ඝාතනය කළ වෙඩිකරු අත්අඩංගුවට

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 11:54

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී දැරියකට වෙඩි තබා ඝාතනය කළ වෙඩිකරු අත්අඩංගුවට

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී ත්‍රි රෝද රථයක සිටි දැරියක ඝාතනය කර ඇයගේ පියාට බරපතල තුවාල සිදුකළ වෙඩික්කරු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදායි මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ.

වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා සහ ඔහු ගමන් කළ යතුරුපැදිය පැද වූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 11, 2023 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්