චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (10/10) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වළළ ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.