ජනපති දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු ඇමති හමුවෙයි
Related Articles
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව මිට සුළු මොහොතකට පෙර සිදුවී තිබෙනවා.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු සඳහා දකුණු අප්‍රිකාව විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) සභාපතිවරයා ලෙස ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව මීට සුළු මොහොතකට පෙර සිදුවුනා
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය මෙන්ම සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත යනාදි නව නීති සම්පාදනයේ ප්‍රගතිය ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබෙනවා.