fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ මායිම් ප්‍රදේශයේ පාලනය ඊශ්‍රායලය යටතට

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 15:43

ගාසා තීරයේ මායිම් ප්‍රදේශයේ පාලනය ඊශ්‍රායලය යටතට

ගාසා තීරයේ මායිම් ප්‍රදේශයේ පාලනය ඊශ්‍රායලය යළි අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල ගුවන් හමුදාව පවසන්නේ ගාසා තීරයේ ඉලක්ක 200කට එක රැයකින් පහර දුන් බවයි

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ගොස් තිබෙනවා.

හමාස් සංවිධානය අවධාරණය කර ඇත්තේ, අනතුරු ඇඟවීමෙන් තොරව ගාසා තීරයට එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයකටම එක් ප්‍රාණ ඇපකරුවෙකු බැගින් මරා දමන බවටයි .

හමාස් සටන්කරුවන් ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම අද වනවිට සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලය තුළ පමණක් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා..

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්