අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉන්දියාවේ හා පාකිස්තානයේ කෝටි 220කට ආසන්න ජනතාවකගේ ජීවිත අධික උෂ්ණත්වය හමුවේ අවදානමට ලක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මිනිස් සිරුරට දරාගත හැකි පරිසර උෂ්ණත්වය ඉක්මවා යාමත් සමග ආගාථය හා හෘදයාබාද ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග මෙම තත්ත්වය දරුණු අතට හැරීමට ඉඩ ඇති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.
ලොව වැඩිම ජනතාවක් වාසය කරන කලාපය ලෙස සැලකෙන ඉන්දීය පාකිස්තාන කලාපය තුළ ජනතාවට උෂ්ණත්වය ඉහළ යාමෙන් වැඩිම බලපෑමක් එල්ලවන බවද එහි සඳහන්.
එමෙන්ම චීනයේ බිලියනයක පමණ පිරිසක් ද අප්‍රිකාවේ මිලියන 800ක පමණ පිරිසක් ද අධික උෂ්ණත්වයේ බලපෑමට ලක්වන බව සමීක්ෂණ වාර්තාවේ සදහන්.