විදෙස් රටක් නිෂ්පාදිත ගිණිඅවියක් සමග අපරාධකරුවන් දෙදෙනෙකු ගම්පහ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිවේරිය ප්රදේශයේ දී පසුගිය 5 වනදා මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනායි.
අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන විදේශිය රටක නිෂ්පාදිත කුඩා ගිණිඅවියක් ද සොයා ගැනුණා.
සැකකරුවන් දෙදෙනා ගම්පහ දුම්රිය ස්ථානය අසළ දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මීරිගම හා බාදුරාගොඩ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්රියාත්මකයි.