fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් සමග තරුණයන් දෙදෙනෙක් කොටුවෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 14:41

අයිස් සමග තරුණයන් දෙදෙනෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් (10) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොට්රොසො වතුයායේ ස්ථාපනය කරන ඇති පොලිස් මුරපොලේදි තරුණයන් දෙදෙනා පරීක්ෂා කර බැලිමේදී තරුණයන් දෙදෙනා සන්තකයේ මිලිග්‍රැම් 5 බැගින් අසුරුම්කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් තිබී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

බගවන්තලාව පෙට්රොසො වතුයායේ පදිංචි සැකකාර තරුණයන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටින බවත්, එම තරුණයන් දෙදෙනා නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියා සිටියා

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවු 22 සහ 35 වයස්වල පසුවන අයයි.

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්