fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ සාමාජිකත්වය ගැන හරීන් සහ මනූෂ ගොනුකළ පෙත්සම්වලට දින නියම වෙයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 14:06

පක්ෂ සාමාජිකත්වය ගැන හරීන් සහ මනූෂ ගොනුකළ පෙත්සම්වලට දින නියම වෙයි

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණයට එරෙහිව අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර ගොනුකර ඇති පෙත්සම් දෙක අනිද්දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ගොනුකර ඇති පෙත්සම් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම අදාළ ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට කල් ලබාදෙන ලෙසයි.

වගඋත්තරකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදි සදහන් කළේ පෙත්සම් ගොනුකළ දිනය සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් නියම කර ඇති පරිදි විභාගයට ගන්නා ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය නියමිත පරිදි අනිද්දා දිනයේ පැවැත්වීමට නියෝග කළා.

 

 

 

 

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 10, 2023 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්