කොළඹ ගුවන් කතිකාව 2023
Related Articles
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හයවන වරටත් සංවිධාන කළ කොළඹ ගුවන් කතිකාව 2023 රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ඉන්දීයානු සාගර කලාපයේ සාමුහික ගුවන් අරමුණු වර්ධනය කර ගැනීම යන තේමාවෙනුයි මෙම කථිකාව සංවිධාන කර තිබුණේ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාපක්ෂ මහතාගේ උපදෙස් මත සංවිධාන කර තිබු මෙම කථිකාව සදහා එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් සහභාගී වුණා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් මෙන්ම මහා කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.