fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් රාජ්‍ය ඇමති, IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2023 11:17

මුදල් රාජ්‍ය ඇමති, IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වුවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වී සිටින අතරතුරයි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා හමුවු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දක්වන වැඩසටහන් පිළිබද සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ලෝක බැංකුව ලබාදෙන සහාය පිළිබදවද රාජ්‍ය අමාත්‍යවරයා කෘතවේදීත්වය පළ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ සුබ්‍රමනියම් මහතා අතර හමුවක් ද පැවැත්වුණා. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුලු වත්මන් ආර්ථික තත්ත්වය පිළිදබ මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2023 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්