වව්නියාව, රම්බකුලම ප්රදේශයේ දී විශේෂ කාර්ය බලකා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් එම බලකායේ නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
ව්විනියාව මඩුකන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් රථයක් නිලධාරීන් 7 දෙනෙකු සමග කදවුරේ සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදීයි අනතුර සිදුව තිබෙන්නේ.
හොරොව්පතාන මාර්ගයේ රම්බකුලම් කිලෝ මීටර් 2 කණුව අසළදී ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් රියදුරට රථය පාලනය කිරීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී තිබෙනවා.
තුවාල ලැබු විශේෂ කාර්ය බලකා නිලධාරීන් 7 දෙනා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔවුන් අවුරුදු 29 සහ 31 වයසේ පසු වු කුරුණෑගල සහ මැදවච්චිය ප්රදේශවල පදිංචිකරුවන්.
තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු වව්නියාව රෝහලේ ප්රතිකාර ලබනවා.