චීන බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට
Related Articles
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් පිරිනමන ” සම්මාන ගෞරව නාමය ” පිළිගැනීම සදහා චීන බෞද්ධ දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් පිරිනමන ” සම්මාන ගෞරව නාමය ” පිළිගැනීම සදහා චීනයේ ” ෆූසෝ ” ” Fuzshou ” පළාතේ ” බාඕලින් ” (Baolin ) විහාරස්ථානයේ ” ෂී වූ යෑන් ” ( She Wu Yan ) නායක හිමියන් ඇතුළු 140 දෙනෙකුගෙන් යුතු බෞද්ධ ගිහි – පැවිදි දූත පිරිසක් ඊයේ (09) දින රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම බාඕලින් බෞද්ධ විහාරස්ථානය වසර 1,200 ක් පැරණි මහායාන සෙන් විහාරයකි .
මෙම සම්මාන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය කොළඹ නාරාහේන්පිට රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේ දී එළඹෙන (15 ) දින සවස පැවැත්වීමට නියමිතයි.
මෙම බෞද්ධ දූත පිරිසට භික්ෂූන් වහන්සේලා 08 දෙනෙකු සහ ගිහි නියෝජිතයන් 132 දෙනෙකු පැමිණ තිබේ.
මෙම පිරිස ඊයේ (09) දින රාත්‍රී 06.30 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ එම විහාරස්ථාන වලට සම්බන්ධ ශ්‍රී ලාංකික සහ මෙරට වෙසෙන චීන ජාතිකයන් පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .