ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරය අද
Related Articles
ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය අදයි.
ජාතියේ ආරක්ෂකයා ලෙස යුද හමුදාව අභිමානවත්ව මෙවර සංවත්සරය සමරනු ලබන්නේ ගෙවී ගිය කාලය පුරාවට මව්බිම වෙනුවෙන් ඉටුකළ අමිල සේවාව පිළිබද වූ අභිමානය ද පෙරදැරි කරගනිමින්.
1949 වසරේ ඔක්තෝම්බර් 10 වනදා ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට රෙජිමේන්තු 25කින් සමන්විත වෘත්තීය යුද හමුදාවක් ලෙස උසස් මට්ටමකට පැමිණ තිබෙනවා.
ජාතියේ ආරක්ෂකයා ලෙස තම වගකීම මැනවින් ඉටුකරමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව ඉටුකරනු ලබන්නේ දැවැන්ත සේවාවක්. එසේ දිගු ගමනක් පැමිණි යුද හමුදාවේ 74 වන සංවත්සරය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබෙනවා.
30 වසරක් පුරාවට පැවති දරුණු ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සදහා යුද හමුදාව පෙරමුණ ගනිමින් කටයුතු කළේ සියල්ලට පෙර මව්බිම සුරැකීම තම පරම යුතුකම ලෙස සලකමින් එහිදී ජීවිත පරිත්‍යාග කළ ආබාධිත තත්ත්වයන්ට පත්වූ මෙන්ම ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට හැකි සෑම අයුරකින්ම දායකත්වය ලබාදුන් වීරෝධාර රණවිරුවන් අද දිනයේ එක සිතින් සිහිපත් කළ යුතුයි.
ආපදා මෙන්ම හදිසි අවස්ථාවලදීද, ක්‍රියාත්මකවන යුද හමුදාව පසුගිය කොවිඩ් වසංගත සමයේ ජනතාවගේ සුවසෙත වෙනුවෙන් ඉටුකළ මෙහෙය ද අතිමහත්.
ජාතික ආරක්ෂක අවශ්‍යතා, ජාතිය ගොඩනැගීමේ කාර්ය භාරය, එක්සත් ජාතීන්ගේ සමා සාධක රාජකාරී, මානුෂීය ව්‍යාපෘති, බිම්බෝම්බ ඉවත් කිරීම්, නිවාස ඉදිකිරීම් හා වන සංරක්ෂණ ආදී බොහෝ කාර්යයන්ට යුද හමුදාව පූර්ණ දායකත්වය ලබා දෙමින් සිටින්නේ රජයේ ක්‍රියාදාමයට දැවැන්ත ශක්තියක් වෙමින්.
මෙවර සංවත්සරය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පවසන්නේ යුද හමුදාව සම්පත් කළමනාකරනයේදී ජාතියට ආදර්ශවත් වෙමින් නිසි ප්රමිතීන් සකස්කර නාස්තිය අවම කළ යුතු බවයි.