මහ කන්නයට යූරියා පොහොර බෙදා හැරීම ඇරඹෙයි
Related Articles
මහ කන්නයට යූරියා පොහොර බෙදා හැරීම අද දින (09) සිට කොළඹ කොමර්ශල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.
යූරියා පොහොර රැගත් ලොරි රථ විශාල ප්‍රමාණයක් අද රජයට අයත් එම පොහොර සමාගම් පරිශ්‍රවලින් පිටත් කර හරින ලද බවයි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසුවේ.
ඉදිරි මහ කන්නයේ දී කුඹුරු වගා කටයුතු ආරම්භ වන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වය අනුව අදාල පොහොර තොග ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී තිබෙනවා.
යූරියා පොහොර හා බන්ඩි පොහොර රජයට අයත් සමාගම් මගින් ගොවීන් වෙත ලබා දෙන අතර මඬපොහොර හෙවත් TSP පොහොර සැපයීම මෙවර පුද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබෙනවා