fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නාගපට්නම් සහ කංකසන්තුරේ අතර මගී යාත්‍රා සේවාවක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 15:16

ඉන්දියාවේ නාගපට්නම් සහ කංකසන්තුරේ අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දියාවේ නාගපට්නම් සහ කංකසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව හෙට සිට ක්‍රියාත්මක වනවා.

මෙම යාත්‍රා සේවාව විවිධ හේතූන් මත මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් හෙට සිට ක්‍රියාත්මක වන යාත්‍රා සේවාව පිළිබද අත්හදා බැලීමේ චාරිකාවක් ඊයේ සිදුකෙරුණා.

චෙරියපානි නම් මෙම මගී යාත්‍රාව හෙට දහවල් 12.30ට නාගපට්නම් වරායේ සිට කංකසන්තුරේ වරායට සේන්දුවීමට නියමිතයි.

එය එදිනම පස්වරු 4ට නාගපට්නම් බලා පිටත්ව යනු ඇති.

ප්‍රථම චාරිකාවට මගීන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණීමට නියමිතයි.

ඉන්දීය නැව් සේවාවට අයත් මෙම යාත්‍රා වෙහි මගීන් 150 දෙනෙකු රැගෙන යාමට හැකියාව පවතිනවා.

එක් ගමන්වාරයකට රුපියල් 26,750ක් වැයවන අතර ගතවන කාලය පැය 4ක්.

මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් රුපියල් මිලියන 450ක වියදමින් මගී පර්යන්තයක් ද ඉදිකර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්