fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොයිනු මහා විනාසයක් කරයිද?

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 13:58

කොයිනු මහා විනාසයක් කරයිද?

කොයිනු සුළි කුණාටුව හොංකොං රාජ්‍යයට ඇතුළු වී අධික වැසි ඇති කරනු බවට අනාවැකි පළව තිබෙනවා.

පසුගිය දින කිහිපයේ දකුණු දිග චීනයේ ප්‍රදේශ රැසකට අධික වැසි ඇති කරමින් කොයිනු චන්ඩ මාරුතය හමා ගියා.

එය මේ වන විට දුර්වල මට්ටමකයි පවතින්නේ. මිලි මීටර 150ක පමණ වැසි ඇති කරමින් එය හොංකොං රාජ්‍යය හරහා හමා යනු ඇති බවට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා.

මේ හේතුවෙන් එරට පාසල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ. මීට මාසයකට පෙර ද හොංකොං රාජ්‍යයට අධික වැසි තත්ත්වයක් හටගත් අතර වසර 140කට පසුව දරුණු ගංවතුර තත්ත්වයකට ද මුහුණ දුන්නා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්