fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරයේදී දැරිය හැකි මිලක් ඇති රටවල් අතර ලංකාව 1ට

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 11:20

සංචාරයේදී දැරිය හැකි මිලක් ඇති රටවල් අතර ලංකාව 1ට

ලොව සංචාරක ගමනාන්ත අතුරින් දැරිය හැකි මිලක් සහිත සංචාරක ගමනාන්ත අතර ලැයිස්තුවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඩිජිටල් නොමැඩ්ස් සදහා දැරිය හැකි ගමනාන්ත අතර පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ රටවල් 50ක් අභිබවමින්.

ඩිජිටල් නොමැඩ්ස් යනු දුරස්ථ හා නිදහස් සේවකයින්ට අන්තර් ජාලය හරහා තම වැඩ කරගෙන යන අතරතුර දීර්ඝ කාලයක් විදේශ රටක ජීවත්වීමට ඉඩ සලසන බලපත්‍ර ක්‍රමයක්.

මෙම වීසා බලපත්‍ර සපයන රටවල් අතර වැඩිම ජීවන වියදමක් ඇත්තේ ඇමෙරිකාවේයි.

ඒ ඩොලර් 2,000ක් ලෙසයි.

බ්‍රිතාන්‍යයට මෙම ලැයිස්තුවේ 16 වන තැන හිමිව ඇත්තේ එහි ජීවන වියදම ඩොලර් 1,800ක පැවතීම නිසායි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පිබිදීම මෙන්ම ව්‍යාපෘති 95ක් හරහා ඉදිකෙරෙන හෝටල් කාමර 5,424කින් යුතුවීම ආදී කරුණු මෙම ලැයිස්තුවේ අංක එක බවට පත්වීමට හේතුවී තිබෙනවා.

මේ වසරේ මේ දක්වා මෙරට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනයකට ආසන්නවී තිබෙනවා.

එමෙන්ම සංචාරක පැමිණීම මිලියන 1.3කට ආසන්නයි.

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන නිදහස් සංචාරක සංස්කෘතිය අගය කරන බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාව සුවිශේෂී නැවතුමක් බවයි මෙම ශ්‍රේණිගත කිරීම් අනුව පැහැදිලි වන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 9, 2023 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්