fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2023 06:08

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

පනාපුත්‍ර කුහුඹු පැණියා හෙවත් සිංහල සිනමාවේ අද්වීතිය රංගන පෞරුෂය ජැක්සන් ඇන්තනී රංගධරයාණන් අද උදෑසන ජිවිත ගමනට සමුදුන්නා.

අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී රිය අනතුරට ලක්ව මාස 14ක කාලයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1958 වසරේ ජූලි මස 8 වනදා රාගම දී උපත ලැබු මෙම අතිවිශිෂ්ට රංගධරයා අද උදෑසන මිය යන විට 65 වන වියේ පසුවුණා.

සිනමාව,  ටෙලි නාට්‍ය මෙන්ම වේදිකාවද එක සේම අතික්‍රමණය කළ ජැක්සන් ඇන්තනී කලාකරුවාණන් හොඳම නළුවාට හිමි සම්මානය වාර්තා ලෙස 16වන වරටත් දිනා ගත්තේ ඔහුගේ රංගන හැකියාව සපත කරමින්.

රංගනයෙන් ඔබ්බට ගිය ජැක්සන් ඇන්තනී මහතා අධ්‍යක්ෂණය,  නිෂ්පාදනය,  තිර රචනය,  නිවේදනය,  ගීත රචනය ඇතුලු ක්ෂේත්‍ර රැසක ඔහුගේ හැකියාවන් ප්‍රදර්ශනය කළේ ඔහු පෙන්නුම් කළ ප්‍රතිභා පූර්ණ හැකියාව කිසිවකට සම කළ නොහැකියි.

මෙරට පෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඉතිහාසය පිළිබද ගවේෂණය කරමින් ජැක්සන් ඇන්තනී මහතා සිදුකළ අතිවිශිෂ්ට මෙහෙවර ද කැපී පෙනුනා.

ජැකා යන ආදරණීය නාමයෙන් සියලුදෙනා හැදින්වු ජැක්සන් ඇන්තනී මෙරට කලාවේ අතිදැවැන්තම රුක්ෂය බව අවිවාදාත්මකයි. ආදරණීය ජැක්සන් ඇන්තනී රංගධරයාණෙනි ඔබට මොක්සුව.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2023 06:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්