මහ කන්නයට යුරියා බෙදාහැරීම අද සිට
Related Articles
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් අද (09) සිට බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, රජයට අයත් පොහොර සමාගම්වලට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බවයි.
එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ශල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.
මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව කළට වේලාවට පොහොර ලබා දීම සදහා රජයට අයත් පොහොර සමාගම් දෙක හා පුද්ගලික අංශය මගින් කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට ද රජය පියවර ගෙන තිබේ.
වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.