මැලේසියා විදේශ කටයුතු ඇමැති මෙරටට
Related Articles
මැලේසියානු විදේශ කටයුතු ඇමැති ආචාර්ය සැම්බ්‍රි අබ්දුල් කාදිර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඊයේ (08) මෙරටට පැමිණි මැලේසියානු විදේශ කටයුතු ඇමැතිවරයා එළඹෙන 12 දා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු විදේශ ඇමැතිවරයා ප්‍රමුඛ දූත කණ්ඩායම එළඹෙන 11 දා කොළඹ දී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංවිධානයේ (IORA) 23 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.