fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 15:00

කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇඳ දැමු බව ද සඳහන් කළේය.

එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කළේය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්