ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 500ට පමණ ජීවිත අහිමිවී තිබෙනවා.
ගාසා තීරයේ ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසයි ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.
ඉස්ලාමිය සටන්කාමී හමාස් සංවිධානය ඊයේ දිනයේ දී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 5000කට අධික සංඛ්‍යාවක් එල්ල කළා.
දශකයකට පමණ පසු හමාස් සංවිධානය එල්ල කළ දරුණුතම ප්‍රහාර මාලාව මෙය ලෙසයි සැලකෙන්නේ.
ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය ආරම්භ කර ඇති අතර ගාසා ජනතාවට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පළා යන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.
හමාස් සංවිධානයට දරුණු ප්‍රති විපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගඟවනවා.
හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්රහාරයන්ගෙන් පුද්ගලයන් 252 පමණ ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම ඊශ්‍රායලය මෙතෙක් එල්ල කළ ප්රහාරයන්ගෙන් ගසා තීරයේ පුද්ගලයින් 230කට වැඩි සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.
මේ අතර ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රහාර සහ ප්රචණ්ඩත්වය උත්සන්නවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවදානයෙන් පසුවන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එහි සඳහන් වන්නේ.
ප්රචණ්ඩත්වය වහා නතරකර සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
1967 දේශසීමා පදනම මත රටවල් දෙකක් ජාත්‍යන්තරව එකග වූ කොන්දේසිවලට අනුකූලව සාකච්ඡාමය විසදුමක් ලබාගැනීමට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව බැදී සිටින බවද එම නිවේදනයේ සඳහන්.
අහිමි වූ ජීවිතවලට මෙන්ම විපතට පත් පවුල්වලට ද ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරනවා.
එමෙන්ම විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග ශ්‍රී ලංකා රජය සබදතා පවත්වන අතර ශ්‍රී ලාංකිකයෙකුට සුලු තුවාල සිදුව ඇති බවයි විදේශ අමාත්‍යංශය පවසන්නේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ එක්ව එහි සිටින ශ්‍රී ලාංකික සේවකයින්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට සූදානම්ව සිටින බවයි ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.