fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 11:17

බෙරගල – වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

පවතින අධික වර්ෂාවත් සමග බෙරගල – වැල්ලවාය ඒ 4 මාර්ගයට පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

හපුතලේ පොලීසිය පැවසුවේ අද  පෙරවරු 8.00ට පමණ එම පස් කන්ද මාර්ගය මතට කඩා වැටී ඇති බවයි.

ගල් පර්වත හා ගස් කොළන් සමඟ පස් කන්ද මාර්ගය මතට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ අඩි සියයකට වැඩි දුර කොටසත් සම්පූර්ණයෙන්ම අවහිරව ඇතැයිද පොලීසිය පවසනවා.

විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය මාර්ගය නම් කර ඇතැයි ද එම මාර්ගයේද නාය යාමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්