fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා පෙරදිග ශිෂ්‍යභට කණ්ඩායම් තූර්ය වාදන ශුරතාව ගම්පහ බණ්ඩාරනායක සහ රත්නාවලි විද්‍යාල දිනා ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 10:30

සමස්ත ලංකා පෙරදිග ශිෂ්‍යභට කණ්ඩායම් තූර්ය වාදන ශුරතාව ගම්පහ බණ්ඩාරනායක සහ රත්නාවලි විද්‍යාල දිනා ගනී

ජාතික ශිෂ්‍ය භට බලකායේ, ශිෂ්‍ය භට පෙරදිග තූර්ය වාදන ශුරතාවය – 2023 සඳහා වූ කඳවුර රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය දා (ඔක් 05) නිමාවට පත්වුණා.

දිවයින පුරා විසිරී සිටින පෙරදිග තූර්යවාදන බාලක ශිෂ්‍ය භට ඛණ්ඩ හතළිහක් හා බාලිකා  ශිෂ්‍ය භට තූර්ය වාදක ඛණ්ඩ දහ අටක් ජාතික ශූරතාවයන් සඳහා මෙම කඳවුරට සහභාගි වුණා.

2023 වසර සදහා බාලක පෙරදිග තූර්යවාදන ශූරතාවය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර එහි අනුශූරතාවය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින් දිනා ගත්තා.

බාලිකා ශූරතාවය දිනා ගන්නා ලද්දේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල විසින් වන අතර එහි අනුශූරතාව කුරුණෑගල, මලියදේව බාලිකා  විදුහල විසින් දිනා ගත්තා.

පුරා දින අටක් තිස්සේ පැවති මෙම ජාතික මට්ටමේ ශූරතා කඳවුර අවසානයේ විසිරයාමේ පෙළපාලියක්ද පැවැත් වූ අතර, ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊට  සහභාගි වූ අතර ආරක්ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,  අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්,  විදුහල්පතිවරුන් හා ගුරු-දෙමාපිය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම විසිර යාමේ පෙළපාලිය පැවැත්වුණා.

ආරක්ෂක ශිෂ්‍ය භට ඛණ්ඩ සඳහා වූ ජාතික ශූරතා කදවුරු වන හර්මන් ලූස් හා ද. සොයිසා කඳවුරු මෙම මස 20 දින රන්ටැඹේ, ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම කඳවුරු අවසානයේ පැවත්වීමට නියමිතව ඇති විසිරයාමේ පෙළපාලිය මෙම මස 29 දින, රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්