පන්නල තලම්මැහැර ප්‍රදේශයේ දී හෙරොයින් ග්රැම් 310ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත්තා.
තාවකාලිකව නිවෙසක නවාතැන් ගෙන සිටි යුවළක් සන්තකයේ තිබි මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙන්නේ.
මෙම කාන්තාවගේ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුවත්ත මිහිරිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු මවක්.
දංකොටුව ප්‍ර දේශයේ සිට මෙම හෙරෝයින් කැබ් රථයකින් මිහිරිගම ප්‍රදේශයට රැගෙන විත් බෙදා හැරීමටයි මොවුන් සැලසුම් කර ඇත්තේ.
මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් බවට සැකකෙරෙන කුලී පදනමට ලබා ගත් කැබ් රථයක් ද පොලිස් භාරයට ගැණුනා.
සැකකාරිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.