කොළඹ නගරයේ තිබෙන වසර 30-35කට වඩා පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවන් හෙට පැවැත්වෙන අතර, ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්, වන සංරක්ෂණ ජනරාල් ඇතුළු ගස් වර්ග පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පිරිසක් එක් වන බවයි පැවසෙන්නේ.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පස් දෙනකුට මරු කැඳවමින් සිදු වූ අවාසනාවන්ත අනතුරත් සමඟ කොළඹ නගරයේ එවැනි අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇති බවත්, මේ සාකච්ඡාව ඒ සඳහා එක් පියවරක්.
ගස් කපා ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහාය ගැනීමට අවධානය යොමුව ඇති බවයි දැනගන්නට ඇත්තේ.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ඉදිරී වැටුණු පැරණි නුග ගස මීට මාස දෙකකට පෙර අතු කපාදැමූ ගසක් බවත්, මෙවැනි අනතුරුදායක ගස් කපාදැමීමත් මෙවැනි ගස් පාලනය කිරීම කොළඹ මහා නගර සභාව විසින් සිදු කරන බවත් . නාගරික කොමසාරිස්වරිය ඒ සඳහා පැය 24 පුරා කටයුතු කරන ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් පැවසෙනවා.