ජනප්‍රිය පාසල්වල සිසුන් ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අවශ්‍ය නැහැ
Related Articles
ජනප්‍රිය පාසල්වල සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම වළක්වාලීම කෙරෙහි ජාතික අධ්‍යාපන ආයතනය අවධානය යොමු කර තිබේ.
මෙම විභාගය සඳහා පවතින අනවශ්‍ය තරඟය අවම කිරීම මෙහි අරමුණයි.
ජනප්‍රිය පාසල්වල සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව සඳහන් චක්‍රලේඛයක් පවතින අතර එම චක්‍රලේඛය බලාත්මක කිරීම මගින් ඉහත අරමුණු ඉටු කර ගත හැකියි.
මෙම පාසල්වල සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත වෙනත් පාසල්වලට ඇතුළත් නොවන හෙයින් ඔවුන් විභාගයට පෙනී සිටීම වැළැක්වීමෙන් කිසිදු අසාධාරණයක් නොවන බවයි දැක්වෙන්නේ.
විභාගයේ මූලික අරමුණු අඩු ආදායම්ලාභීන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම වන හෙයින් ජනප්‍රිය පාසල්වල අඩු ආදායම්ලාභී දරුවන් පළමු ශ්‍රේණියේ සිටම හඳුනා ගැනීම සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට වෙනම ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි බවත් කී හෙතෙම අවශ්‍ය නම් ඔවුන්ට පමණක් විභාගයට පෙනී සිටීමට ඉඩ දිය හැකි බවත් සාකච්ජා වී තිබෙනවා.
පොකුරු පාසල් ක්‍රමයද ඉදිරියේදී ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම ක්‍රමය අනුව හයවැනි ශ්‍රේණියෙන් ඉහළ එක් පාසලක් කේන්ද්‍ර කර ගනිමින් ඒ අවට ප්‍රාථමික පාසල් කිහිපයක් නම් කෙරෙන අතර එම නම් කෙරෙන පාසල්වල දරුවන් හයවැනි ශ්‍රේණියේදී ඇතුළත් විය යුත්තේ අදාළ පාසලටයි.
ඒ ඔස්සේද ශිෂ්‍යත්ව විභාගයේ තරඟය අවම කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යාංශය පවසනවා.