fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“චේ” ස්මාරකයට පුෂ්පෝපහාර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 05:39

“චේ” ස්මාරකයට පුෂ්පෝපහාර

ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 56 වෙනි ගුණ සමරුමට සමගාමීව එම ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසළදී කියුබානු රජයේ ශ්‍රී ලංකා තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ඊෆය් පැවැත්වුණා.

අර්නස්ට් චේ ගුවෙරා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුත්තක් සඳහා මෙරට සිදු කළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ රෝපණය කළ මැහෝගනි ගස ආශ්‍රිතව සමාජවාදී තරුණ සංගමය විසින් මෙලෙස චේ උද්‍යානය පිහිටුවා තිබෙනවා

මෙහි ප්‍රධාන චේ සැමරුම් රැලිය සහ සංස්කෘතික ප්‍රසංගය අද පස්වරු 03ට විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වීට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 05:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්