ජලයෙන් යට වීමේ අවදානමක් නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ වසා දැමේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 05:23

ජලයෙන් යට වීමේ අවදානමක් නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ වසා දැමේ

අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහල යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දමන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම විදුලි උප පොළෙන් සපයන විදුලිය විසන්ධි කිරීමට සිදුවන අතර විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් හරහා විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා එම උපපොල වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිළධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවද සඳහන් කළේය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2023 05:23