ශ්‍රී ලංකාවට ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක්
Related Articles
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද පළමු තරගයට මුහුණ දෙමින් සිටිනවා. ඒ දකුණු අප්‍රිකාව සමගයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිලේ පලමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවුමා මුළු ලකුණු සංඛඞ්‍යාව 10 ක් ව තිබියදී දවා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත් වුණා.
ඉන් පසු පිටියට පිවිසි වැන්ඩර් ඩූසන් ක්වින්ටන් ඩිකෝක් හා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් දෙදෙනා ලකුණු 204 ක සබදතාවක් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ගත්තා.
ක්වින්ටන් ඩිකෝක් ලකුණු 100 ලබා සිටියදී දැවී ගිය අතර වැන්ඩර් ඩූසන් ලකුණු 108 ක් රැස් කළා. ඩිකෝක්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිස ඒඩ්න් මාක්ක්‍රම් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 54 කදී ලකුණු 106 ක් රැස් කළා.
ඔහුගේ ශතකය වාර්තා වූයේ පන්දු 49 කින්.එය සටහන් වන්නේ එක්දින ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසටයි.
ඒ අනුව දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 428 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.