fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් හා දේපළ අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2023 17:14

නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් හා දේපළ අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් හා දේපළ අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස වැඩබලන අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පවසනවා.

ලෝක ජනාවාස දිනයට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් වැඩබලන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ඉහළ නිලධාරීන් ඊට එක්ව සිටියා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදී අඩු ආදායම්ලාභී පවුල් සදහා සෙවන ජාතික නිවාස වැඩසටහන ආරම්භ කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අතර සහාධිපත්‍ය දේපළ සම්බන්ධයෙන් ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ කඩ හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පැවැත්වුණා. සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එය සංවිධාන කළා. ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක ජනාවාස සතිය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2023 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්